සෙනසුරාදා, 18 මාර්තු 2023 09:29

IMF ණය අනිද්දා ලැබෙයි.. පලමුව මිලියන 330ක්.. Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක මණ්ඩල හමුවක් අනිද්දා දිනයේ පැවැත්වෙන බවත් එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ණය පහසුකම අනුමත වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330ක් මෙම මාසයේ දී ම ලැබෙනු ඇති බවද හෙතෙම කියා සිටියේය.
අරමුදලේ විධායක මණ්ඩලය මේ පිළිබඳව තීන්දුවක් ගෙන ඒ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් දැනුම් දෙනු ඇතැයි ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කර සිටී.

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website