බදාදා, 22 මාර්තු 2023 14:58

දෙවැනි ණය වාරිකය ඕන නම් කොන්දේසි කඩිනම් කළ යුතුයි Featured

ශ්‍රී ලංකව වැටී ඇති මෙම අසීරු අවස්ථාවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පළමු ණය වාරිකය ලැබුණද දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පනවා ඇති කොන්දේසි ඉතා කඩිනමින් සපුරා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

අප රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මෙම මූල්‍ය සහයෝගයෙන් රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා යම් සහනයක් ලැබීම පිළිබඳ සතුටුවන බවද, ඔහු ඒ සදහා සහය දැක්වූ හැම දෙනාටම ස්තූති වන්ත වන බවද ඔහු පවසා සිටියා.

මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා දෙවැනි ණය වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැනවූ කොන්දේසි සපුරා නොගතහොත් එය ලබා ගැනීම පහසු නොවන බවයි.

 

Last modified on බදාදා, 22 මාර්තු 2023 16:31

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29471 listings, 927 categories and 100 owners in our website