බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 06:09

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වෙයි Featured

පසුගිය 16 වැනිදා සිට අණ්ඩව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වෙමින් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව (22) ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල දැක්වුණේ, රුපියල් 330 යි ශත 16 ක් ලෙසයි.

එහි ගැණුම් මිල රුපියල් 312 යි ශත 31 ක් විය .

පෙබරවාරි මාසය නිමාවන විට අමෙරිකානු ඩොලර් එකක් රුපියල් 361 ක සීමාවේ පැවති අතර ඩොලරයේ මිල පහළ යාමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන් ද පහළ ගොස් තිබේ.

ඒ අනුව (22) පෙරවරුවේ කොළඹ, හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගියේ ය.

(21) එම රන්පවුමක මිල දැක්වු‍ණේ, රු. 162,000 ක් ලෙසයි.

(21) දිනයේ දී රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද (22) වන විට රු. 165,000 ක් දක්වා පහත වැටී තිබුණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website