සිකුරාදා, 24 මාර්තු 2023 11:06

ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද - මහ බැංකු අධිපති Featured

ණය ප්‍රතිව්‍යුහගත නොකලා නම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් දරන්නට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ජනාධිපති කාර්යාලයේ දී ජනපති සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ දී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීය

"එය ගෙවීමට අපහසු නිසා තමයි ණය ගෙවීම තාවකාලිකව නවතා ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට මේ ක්‍රියාවලයේ යෙදෙන්නේ. ‍ එම ක්‍රියාවලියේ පළමු පියවර තමයි ණය හිමියන් ලබාදුන් මූලය සහතිකය. අපේ ණය තිරසාර කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛනයේ තිබෙනවා."

ඒ තිරසාර මට්ටමට ළඟා කර ගැනීම වෙනුවෙන් ඒ ඒ රටවල් සහයෝගය දෙන බවට සහතිකයක් දී තිබෙනවා.

මෙතන තිබෙන්නේ අප නැවත ණය ගන්නේවත් ගෙවන්නේවත් නෑ කියන කාරණය නොවෙයි. ණයක් ලබා ගත් විට එය ගෙවීමට අපට වගකීමක් තිබෙනවා. එසේ නොවුනහොත් නැවත කිසිවෙක් ණය ලබා දෙන්නේ නෑ. මෙහිදී සිදු වන්නේ ණය ගෙවීමට අපට හැකියාවක් නොමැති නිසා ගෙවීම පැහැර හැරීම වෙනුවට සහන ක්‍රමයකට ගෙවීමට අවස්ථාවක් දෙන්න කියා ඉල්ලා සිටිමයි.

 

(අංජුල මහික වීරරත්න)

 

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29471 listings, 927 categories and 100 owners in our website