ඉරිදා, 02 අප්‍රේල් 2023 08:36

උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට දෙන්න බෑ - ආනයනකරුවන්ගේ සංගමය Featured

නුදුරේදී එන උත්සව සමයේදී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ නොහැකි බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න දේශයට පැවසීය.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම හේතුවෙන් තම සාමාජිකයන්ට පසුගිය දිනවල රුපියල් බිලියන 5ක් පමණ මුදලක් පාඩුවීම ඊට හේතුව බවද ඔහු කියයි. මෙයට පෙර අවස්ථාවලදී අලෙවිය වැඩිවීම නිසා භාණ්ඩ මිලේ යම් අඩුවක් සිදුවුවද මෙම උත්සව සමයේදී එවැන්නක් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව ඔහු කීවේය.

හදිසියේ සිදුවූ ඩොලරයේ අගය පහළ බැසීම නිසා තමන් එයට පෙර ආනයනය කළ සීනි, පරිප්පු, අල, ලූනු, කරවල ආදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ලෙස පාඩුවට අලෙවි කිරීමට සිදුවූ අතර රජයෙන් තමන්ට ඒ පිළිබඳ සහනයක් නොලැබුණු බවද ඔහු සඳහන් කරයි.

තොග වෙළෙඳුන් විශාල ධනපතියන් නොවන අතර ඔවුන්ගෙන් ඇතැමකු තම ඉඩකඩම් ඇතුළු දේපළ පවා බැංකුවලට උකස් කර ලබාගත් ණය මුදල්වලින් ව්‍යාපාර කටයුතු කළ නමුත් බැංකු පොලියද ඉතාම අධික වීම නිසා අලාභය දැඩි වූ බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ නිසා උත්සව සමයේ යැයි භාණ්ඩ මිල වැඩි නොකරන නමුත් මිල අඩු කිරීමක් බලාපොරොත්තු නොවිය හැකි බවද අවධාරණය කළේය.

යසවර්ධන රුද්රිගූ

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website