බදාදා, 05 අප්‍රේල් 2023 09:40

ඉන්ධන කෝටාව ඉහළට Featured

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර අති බව වාර්තා වෙයි.

මෙම ඉහළ දැමීමට අනුව අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා ඇත.

මීට පෙර බස් රථ සඳහා ලබා දුන් ඉන්ධන ලීටර් 40 ඉන්ධන ලීටර් 60ක් දක්වා ද ඉහළ දමා තිබේ.

මේ අතර මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබේ.

මේ අතර ලොරි රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 75ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 25ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

එසේම විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා නිකුත් කරනු ලැබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

 

 

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website