සිකුරාදා, 12 මැයි 2023 20:19

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන රටවල් හතරකට Featured

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහත්මිය මෙම අදහස් පළ කළාය.

කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතියකි.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා ඔමානය ඇතුළු රටවල් හතරකට අපනයනය කරනු ලබයි.

දැනට පවුල් 600කට අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ආධාර හා නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වෙළෙඳපොළ හඳුන්වා දීම මගින් ඉතාමත් සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කිතුල් නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව එක් කිතුල් ගොවියෙක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක ආදායමක් උපයන බව ද ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.

මේ අතර කිතුල් නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ඇහැලියගොඩ ප්‍රදේශයේ සකස් කරන ලද කිතුල් පියස අද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කිරීමට නියමිතය. එමෙන්ම කිතුල් නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීම සදහා එම ගොවි ජනතාව හමුවී ඔවුන්ට අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම ද සිදු කෙරේ.

මීට අමතරව ඇහැලියගොඩ බිම්මල් ව්‍යාපෘතිය, හා අපනයනය පදනම් කර ගනිමින් පවත්වාගෙන නයි මිරිස් ව්‍යාපෘතිය ද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කිරීමට නියමිතය.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website