බ්‍රහස්පතින්දා, 18 මැයි 2023 09:08

ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය කරමින් සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීමට අරමුදල් සම්පාදනය කරයි. Featured

සම්පත් බැංකුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරන ලදි. සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙම කාලීන පරිත්‍යාගය තුළින් දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම විශේෂත්වයකි.

තම ප්‍රජාව වෙත සෞඛ්‍ය සහාය ලබා දීම සම්පත් බැංකුවේ ප්‍රධාන ආයතනික සමාජ වගකීම් කොටසක් වන අතර, ඒ යටතේ සිදු කරන ලද මෙම සුවිශේෂි පරිත්‍යාගය තුළින් ශ්‍රී ලාංකිකයින් වෙත හදිසි වෛද්‍ය ආධාර ලබා දීම වෙනුවෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවාවන් පවත්වාගෙන යාමට මෙන්ම එම සේවාවන් වැඩි දියුණු කිරීමට අවකාශ උදා වනු ඇත. පසුගියදා පැවති ‘Adopt an Ambulance’ වැඩසටහන සඳහා පැවති උත්සවයකදී සම්පත් බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය මඟින් 1990 සුවසැරිය පදනමේ සභාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙත රුපියල් මිලියන 50ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.

1990 සුවසැරිය පදනම මඟින් රට තුළ උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් සුවසැරිය ගිලන් රථ සේවාවන් පවත්වාගෙන යාමට ඇති වූ දුෂ්කරතා‍වන් අවම කිරීම සඳහා පෞද්ගලික අංශයේ අරමුදල් ලබා ගැනීම වෙනුවෙන් මෙම ‘Adopt an Ambulance’ වැඩසටහන දියත් කරනු ලැබීය. යම් රෝගියකු ළඟම ඇති සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය වෙත යොමු කරන තෙක් ආරක්ෂිත හා සායනික සේවා පරිසරයක් තුළ ඉක්මන් හා වඩා ඵලදායී පූර්ව රෝහල් සත්කාරයන් සිදු කරනු ලබන 1990 සුවසැරිය ගිලන් රථ සේවාව තුළින් ඕනෑම පුද්ගලයකුට පූර්ව රෝහල් සත්කාරක ගිලන් රථ සේවාවන් හා හදිසි ප්‍රතිකාර සේවාවන් නොමිලයේ ලබා දීමට කැපවී කටයුතු කරයි. මෙම 1990 ගිලන් රථ සේවාව 2016 වසරේදී ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටදී ආරම්භ විය.

සම්පත් බැංකුව සිය ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ වසර ගණනාවක් තිස්සේ මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සිය සුවිශේෂී දායකත්වය ලබා දීමට කටයුතු කොට ඇත. ඒ යටතේ 2014 වසරේදී රුපියල් මිලියන 49.7ක මුදලක් ආයෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත Neuro Navigator යන්ත්‍රයක් පරිත්‍යාග කළ අතර, ඒ මඟින් සැත්කම් සඳහා පැවති පොරොත්තු කාලය අවම කරමින් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් හට දෛනිකව වැඩි සැත්කම් ප්‍රමාණයක් සිදු කිරීමට හැකියාව උදා විය. තවද සම්පත් බැංකුව විසින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකය සඳහා රුපියල් මිලියන 2.2ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදි. ඒ හේතුවෙන් ඊට පෙර ඇඳන් 10 සඳහාම වෙන්ටිලේටර් යන්ත්‍ර 5ක්ව පැවති එම ඒකකයේ ධාරිතාව වැඩි දියුණු කිරීමට සම්පත් බැංකුව සමත් විය.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website