සෙනසුරාදා, 20 මැයි 2023 11:45

රටේ හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක් Featured

රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ අතර රජය මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි විසි නව ලක්ෂ අසූ පන් දහස් හය සියයක් බවද ඔහු සඳහන් කළේය.

රජය මේ වසරේ මුල් මාස පහේදී භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් රුපියල් කෝටි දෙලක්ෂ අසූ හය දහස් නව සිය පනස් දෙකක් ලබාගෙන ඇතැයි මහ බැංකු වාර්තාවල සඳහන් වන බව පැවසූ මහාචාර්යවරයා භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් කෝටි දෙලක්ෂ හැට හතර දහස් අට සිය එකොළහක්ද භාණ්ඩාගාර බැඳුම්කරවලින් රුපියල් කෝටි විසිදෙදහස් එකසිය හතළිස් එකක්ද ලබාගෙන ඇතැයි ප්‍රකාශ කළේය.

මේ අතර භාණ්ඩාගාර බිල්පත් වලින් ලබාගෙන ඇති ණයවල වාර්ෂික වැඩිවීම( 2022 වසර වනවිට) සියයට අසූ එකක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බැඳුම්කර වලින් ලබාගෙන ඇති ණයවල වර්ධනය සියයට 25 ක් බවත් ඔහු කීවේය.

දේශීය ණය බර දිනකට රුපියල් කෝටි එකසිය හතකින් පමණ ඉහළ ගොස් ඇතැයිද මහ බැංකු වාර්තාව පෙන්වා දෙන බව වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

පසුගිය අවුරුදු පහ තුළ පමණක් රටේ දේශීය ණය ප්‍රමාණය සියයට සියයට 150 කින් වැඩිවී ඇතැයි පවසන මහාචාර්යවරයා මේ අනුව භාණ්ඩාගාර බිල්පත් ණය සියයට 450කින් වැඩිවී ඇතැයිද ප්‍රකාශ කළේය.

එසේම බැඳුම්කර ණය සියයට 110 කින් වැඩිවී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් ණය කල් පිරීම හේතුවෙන් මේ ණය ලබාගෙන ඒ ණය ගෙවීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් දේශීය ණය සම්බන්ධයෙන් දැඩි අස්ථායි තත්වයක් නිර්මාණයවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website