අඟහරුවාදා, 23 මැයි 2023 11:25

චිත්‍රපට සංස්ථාව කොමිසමක් වෙයි Featured

ජාතික චිත්‍රපටි සංස්ථාව ජාතික චිත්‍රපට නියාමන කොමිසම බවට පත් කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රටෙි දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම උදෙසා සැබෑ උනන්දුවක් ඇති පිරිස් වෙනුවෙන් නිශ්චිත ඉගෙනුම් ආයතනයක් පිහිටුවීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතින බවද කොළඹ සරසවි චිත්‍රාගාරය පරිශ්‍රය පාදක කර ගනිමින් සිනමා අධ්‍යයනය පිළිබඳව උසස් අධ්‍යාපන ආයතනයක් ඉන්දියා රජයේ ද සහයෝගය ලබාගනිමින් පිහිටුවීම සඳහා ද අවධානය යොමු වී තිබෙන බව අමාත්‍යවරයා කීය.

කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ දී පැවති ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සංවත්සර වැඩසටහන අමතමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙි බව පැවසීය.

 

අංජුල මහික වීරරත්න

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29915 listings, 1184 categories and 93 owners in our website