බදාදා, 24 මැයි 2023 10:44

IMF කොන්දේසි අනුව නිදහස් වෙලදාමට ඉඩ.. ආනයන සීමා ඉවතට.. Featured

දැනට පනවා ඇති ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ මස අවසානයේදී තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

එහිදී මෙරට ආර්ථිකයට වැඩි උත්තේජනයක් ලබා දෙන භාණ්ඩ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳ සියලු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු විවෘත වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තීරණවලට එළඹෙන බව ද හෙතෙම සදහන් කලේය.

ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව මෙම කටයුත්ත සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද මෑතක දී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ජූනි මස අග පමණ අග සිට දැනට පනවා තිබෙන ආනයන සීමා ක්‍රමිකව ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29471 listings, 927 categories and 100 owners in our website