බ්‍රහස්පතින්දා, 25 මැයි 2023 11:18

උඩරට දියර කිරි කර්මාන්තය අනතුරේ Featured

පශු වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා කිරි ගව පාලනයේ නිරත වෙමින් ජීවිකාව සරි කර ගන්නා මස්කෙළිය ප්‍රදේශයේ ගොවිහු තම කර්මාන්තය අඩපන වන බව පවසති.

දියර කිරි නිෂ්පාදනයට ඉහළ ඉල්ලුමක් තිබුණ ද සතුන් රෝගී වු අවස්ථාවන්වල දී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දීමට මස්කෙළිය පශ්‍ර වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයෙක් නොමැති නිසා සතුන් මිය ගිය අවස්ථා කීපයක් ඇති බව ප්‍රදේශයේ කිරි ගොවීහු පෙන්වා දෙති.

මස්කෙළිය පශූ වෛද්‍ය කොට්ඨාශයේ ගවයින් සදහා ප්‍රතිකාර කිරිම මෙන්ම ගව අභිජනණය කිරිමේ කටයුතු සිදු නොවීම වැනි දුෂ්කරතා රැසකට ගොවීහූ මුහුණ පා සිටිති.
මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරීවරයාට මාස කීපයකට පෙර ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර ඒ සඳහා අනුප්‍රාප්තික පශු වෛද්‍ය නිලධාරීවරයෙකු මේ දක්වා ලබා නොදීම හේතුවෙන් මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලය පුරප්පාඩුව පවතී.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website