අඟහරුවාදා, 30 මැයි 2023 07:45

දේශීය කුකුළු ගොවිපොළවල් වලට මොකද වෙන්නේ - දිනකට බිත්තර ලක්ෂ 10 ක් ඉන්දියාවෙන් Featured

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

ඉන්දියාවේ කුකුළු ගොවිපළ දෙකකින් බිත්තර ආනයනය සිදු කළ බව පවසන සභාපති එයට අමතරව ඉන්දියාවේ තවත් ගොවිපොළ තුනකින් බිත්තර මිලදී ගැනීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි ද කීය.

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පරීක්ෂා කිරීමේ සංචාරයක නිරත වූ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ නිලධාරීන් තිදෙනා ලබා දී තිබූ වාර්තාව අනුව අලුතෙන් තවත් ගොවිපළ තුනකින් බිත්තර ගෙන්විමට මෙසේ අවසර ලැබුණු බව ද සභාපති ආසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

දිනකට ලක්ෂ දහය බැගින් ආනයනය කරන බිත්තර බේකරි, හෝටල්වලට බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු කීහ.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29915 listings, 1184 categories and 93 owners in our website