බදාදා, 31 මැයි 2023 17:24

ජලය මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතියක්   Featured

ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතියක් වෙනුවෙන් වූ ගිවිසුමක් අද (31) පෙරවරුවේ කොරියානු නියෝජිතයින් සහ විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් අතර අත්සන් තැබීය.

කොරියානු රජයේ මූල්‍ය ආධාර මත ඉදි කෙරෙන එම ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 5.2කි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පළමු ජලය මත ඉදි කරන සූර්ය බලාගාර ව්‍යපෘතිය වන අතර මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙක සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව මත ඉදි කිරීමට නියමිතය.

ඒ අනුව ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කිරීමට අපේක්ෂිතය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website