බ්‍රහස්පතින්දා, 01 ජූනි 2023 09:35

යූරියා කිලෝ 50 මිටිය රු.9000 දක්වා පහළට Featured

රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවි කරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල ජූනි මස 15 වැනි දින සිට රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත

ඊයේ (31) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැති යූරියා පොහොර අඩු කිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. ජුනි මස 10-12 අතර දිනයක මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක් රැගත් පොහොර නැවක් පැමිණීමට නියමිතය. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමේ වාසියත්, ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල අඩු වීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බව ඇමැතිවරයා අවධාරණය කළේය.

පසුගිය යල කන්නය වන විට පුද්ගලික අංශය මඟින් රු.42,000කට අලෙවි කළ යූරියා පොහොර මිටියක් මේ වන විට පුද්ගලික අංශය විසින් රු.11,000 දක්වා මිල පහත දමා තිබේ. මීට හේතුව වූයේ රජය මඟින් යූරියා පොහොර මිටියක් රු.10,000 දක්වා අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගැනීමය. එමෙන්ම, පසුගිය මහ කන්නයේ රු. 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක මිල රජය මඟින් මෙම යල කන්නයේදී රු. 15,000ක් දක්වා රු.4500කින් පහත හෙළනු ලැබීය. රජය මඟින් මෙම සියලු සහන සලසනු ලබන්නේ ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන් බව ද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

 

බුද්ධිකා ඉඹුලාන

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website