සෙනසුරාදා, 03 ජූනි 2023 11:28

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක සහාය වර්ධනයට අවධානය Featured

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට දෙරටේ රජයන්හි අවධානය යොමුව තිබේ.

දෙරට අතර ඇති ඓතිහාසික සම්බන්ධතා සහ සංස්කෘතික සමානකම් දෙරටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට උපකරණයක් ලෙස භාවිත කළ හැකි බව බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා පවසයි.

බංගලාදේශ සංචාරක නියෝජිතයන්ගේ සංගමය (ATAB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව බංග්ලාදේශයේ සංචාරක නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් වෙනුවෙන් ඩකාහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සංවිධාන කළ විශේෂ සංචාරක ප්‍රවර්ධන හමුවකදී මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කර තිබේ.

දෙරටේ අදාළ ආයතනවල සහයෝගීතා හුවමාරුව හරහා විශේෂයෙන්ම සමුද්‍ර පුරාවිද්‍යාවට සම්බන්ධ ද්වි-මාර්ග සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට එක්ව කටයුතු කළ හැකි බව ද මහකොමසාරිස්වරයා පෙන්වාදී ඇත.

මේ අතර බංග්ලාදේශ සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට තම සංගමය තවදුරටත් සහයෝගීතාව දෙන බව බංගලාදේශ සංචාරක නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඇබ්ඩස් සලාම් මහතා ප්‍රකාශ කර තිබේ. දෙරටටම එකිනෙකාට ප්‍රතිලාභ සැලසෙන සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ඒකාබද්ධව කටයුතු කළ හැකි බව ද හෙතෙම පෙන්වාදී ඇත.

 

මහින්ද අලුත්ගෙදර

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website