සිකුරාදා, 23 ජූනි 2023 10:41

උද්ධමනය තනි ඉලක්කමකට ළඟා වන ලකුණු Featured

පසුගිය කාලය තුළ ගත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම, ඉන්ධන හා ගෑස් මිල අඩු වීම, ආහාර මිල ගණන් යථා තත්ත්වයට පත් වීම යන කරුණු අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය) මින් පෙර පැවති පුරෝකථනයන්ට වඩා වේගයෙන් අඛණ්ඩව පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි මස නවතම වාර්තා මඟින් සදහන් කරයි.

ඒ අනුව ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 අප්‍රේල් මස පැවති 27.8% හි සිට 2023 මැයි මාසයේ දී 20.3 දක්වා පහළ ගොස් ඇත.


2023 ජනවාරි උද්ධමනය 51.7ක්ව පැවතුණි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම පුරෝකථනවලට අනුව 2023 වසරේ තුන්වන කාර්තුව මුල් කාලයේ දී මතුපිට උද්ධමනය තනි අගයක මට්ටමට ළඟාවනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර මැදි කාලීනව උද්ධමනය තනි අගයක මට්ටමේ ස්ථායි වනු ඇති බව වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

දේශීය සැපයුම් අංශයේ වර්ධනයත්, විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වීම දේශීය වෙළඳ පොළ වෙත සම්ප්‍රේෂණය වීම ආදී ආර්ථික සාධක මඟින් උද්ධමනය පහත යාම කුටුම්භකයක එදිනෙදා වියදම් පහත යාමට හේතු වී තිබේ.

 

DMN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website