බ්‍රහස්පතින්දා, 03 අගෝස්තු 2023 12:23

රුපියල් කෝටි 42ක් වතුරේ Featured

ගාල්ල නුගදුව ප්‍රදේශයේ ඉදිකිරිම් කටයුතු ආරම්භකොට තිබු ආසන 2000කින් යුත් ශ්‍රවනාගාර ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු සඳහා ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු සදහා ගෙවන ලද රුපියල් හතලිස් දෙකෝටි,හැටතුන් ලක්ෂ,තිස්දහස් දෙසියහතලිස්හතක අත්තිකාරම් මුදල 426,330,247 ආපසු අයකරගැනීමට කටයුතු කර නොතිබු බව

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.එසේම මෙම ව්‍යාපෘතිය ද මේ වන විට අතරමග නවතා ඇත.

2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට මෙකි ව්‍යාපෘතියේ ඉදිකිරිම් නටයුතු නවතා දමා ඇති අතර අත්තිකාරම් බැදුම්කර මෙන්ම රක්ෂණාවරණයන්ද කල්ඉකුත්වි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබේ. මෙම තත්වය නිසා අයකර නොගත් අත්තිකාරම් මුදල තවදුරටත් අයකරගැනිමේ අවදානමක් පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website