ජාත්‍යන්තර මුහුදේදී නෞකාවකින් ලබා දුන් රුපියල් කෝටි 200කට අධික විෂ මත්ද්‍රව්‍ය තොගයක් ගොඩබිමට රැගෙන එමින් සිටි ධීවරයන් හය දෙනකු නාවික හමුදාව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශ නිලධාරින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.