සෙනසුරාදා, 15 ජූනි 2024 10:37

කෝටි 200කට අධික විෂ මත්ද්‍රව්‍ය තොග­යක් ගොඩ­බි­මට ගෙන එද්දී අත්අ­ඩං­ගු­වට Featured

ජාත්‍ය­න්තර මුහු­දේදී නෞකා­ව­කින් ලබා දුන් රුපි­යල් කෝටි 200කට අධික විෂ මත්ද්‍රව්‍ය තොග­යක් ගොඩ­බි­මට රැගෙන එමින් සිටි ධීව­ර­යන් හය දෙනකු නාවික හමු­දාව සිදු කළ වැට­ලී­ම­කදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය කියයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ බුද්ධි අංශ නිල­ධා­රින් ලබා­දුන් තොර­තු­ර­කට අනුව මෙම වැට­ලීම සිදු කර ඇත.

බහු­දින ධීවර යාත්‍රාවේ බඳ කොටසේ පොහොර උර හත­රක බහා මෙම විෂ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවා­හ­නය කර තිබූ බව නාශක කාර්යාං­ශයේ උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

එම පොහොර උර­වල බොහෝ දුරට හෙරො­යින් මත්කුඩු කිලෝ සීය­කට අධික ප්‍රමා­ණ­යක් අඩං­ගුව ඇති බවට සැක කරන බව උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය. බහු දින ධීවර යාත්‍රාව මේ වන විට ගාල්ල වරායේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රින්ගේ විශේෂ ආර­ක්ෂාව යටතේ රඳවා ඇති අතර, අද (15) දින විශේෂ පරී­ක්ෂා­වක් සිදු කිරී­මට නිය­මි­තය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය සහ නාවික හමු­දාව ඒකා­බ­ද්ධව මෙම වැට­ලීම සිදු කර ඇත.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website