බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 07:11

රක්ෂිතයක ගින්නක්.. අක්කර ගණනක් විනාශයි… Featured

Rate this item
(0 votes)

හැටන් රුවන්පුර ජනපදයට ආසන්නයේ පිහිටි ඉලුක් සහිත පුද්ගලික ඉඩමක (15) දින පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම ඉඩමට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසින් සැකකරන්නේ.

පැතිර යන ගින්න පාලනය කිරිමට ඉඩමට ආසන්නයේ පිහියි වතුයායක වතු කම්කරුවන් සමත්වි ඇත.

මෙවැනි ඉඩම් වලට හෝ රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් දැනුම් දෙන ලෙස හැටන් පොලිසිය ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියි.

– රංජිත් රාජපක්ෂ

Read 179 times
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website