සිකුරාදා, 17 පෙබරවාරි 2023 08:07

බස් රථ තුනක් එකට හැපේ.. පිරිසක් රෝහලේ… Featured

Rate this item
(0 votes)

හැටන් කොළඹ මාර්ගයේ ගිනිගත්හේන දියගල අතර සිදුවු බස් රථ අනතුරකි මගින් 10 දෙනකු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හා කොළඹ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක් මුහුණය මුහුණ ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බව ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පැවසිය.
මෙම අනතුරින් එම බස් රථවල ගමන් ගත් මගින් 10 දෙනකු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගත් බවත් මෙම අනතුර පිලිබදව ගිනිගත්හේන පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල නොවන බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

Read 92 times
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website