සිකුරාදා, 10 පෙබරවාරි 2023 21:24

මාමා බැණා අතර ගැටුමෙන් මාමණ්ඩිය මරුට.. බැණා අත්අඩංගුවට.. Featured

Rate this item
(0 votes)

මාමණ්ඩිය සහ බැණා අතර ඇති වු ගැටුමකින් මාමණ්ඩිය ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, සැකකාර බැණා (09) දින රාත්‍රියේ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගැටුමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් දික්ඔය ඔටරි වතුයායේ පදිංචි කරුපන් කාමරාජන් (62) නැමති තිදරු පියෙකි.

මාමා සහ සහ බැණා අතර (09) දින පස්වරු 3 ට පමණ බහින් බස් විමක් ඇති වි අතර , එහිදි සැකකාර බැණා විසින් මාමාව නිවස තුලදි පහර දි තල්ලු කිරිමත් සමග මාමණ්ඩිය නිවසේ බිමට වැටි හිසට බරපතල ලෙස තුවාල සිදු වු නිසා මාමණ්ඩිය දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර බැණා පවුල් අරවුලක් සම්බන්ධයෙන් මාමණ්ඩියගේ නිවසට පැමිණ ඇති බවත්, එහිදි දෙදෙනා අතර ඇති වු ගැටුමෙන් මෙම ඝාතනය සිදු වි ඇති බවයි හැටන් පොලිසිය සැකකරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා විසින් (09) දින ස්ථාන පරික්ෂාව පැවැත්වු අතර , එහිදි මහෙස්ත්‍රාත්වරයා හැටන් පොලිසියට නියෝග කර සිටියේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

– රංජිත් රාජපක්ෂ

Read 621 times
Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website