සදුදා, 13 පෙබරවාරි 2023 13:39

පොලිස් නිලධාරින් පිරිසක් අනවසර මැණික් ජාවාරමක… Featured

Rate this item
(0 votes)

හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ සහය ඇතිව සිදු කරනවා යැයි පැවසෙන අනවසර මැණික් ගැරිමේ ජාවාරම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතාගේ අධික්ෂණය යටතේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

 හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ රාජකාරි කරන එම පොලිස් නිලධාරින් හැටන් දික්ඔය බටල්ගල වතුයායේ වතු අධිකාරිවරයාගේ නිල නිවස පිටුපස තේ පදුරු මත තිබෙන මැණික් ඉල්ලම් සහිත පස් ප්‍රදේශයේ තවත් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් සමග රාත්‍රි කාලයේ එක්ව ගොඩගෙන ලොරි රථයකින් හැටන් ප්‍රදේශයේ නිතියානුකුල මැණික් ගැරිමේ බලපත්‍රයක් ලබාගෙන ඇති පුද්ගලයෙකුගේ ඉඩමකට රැගෙන ගොස් එම මැණික් ඉල්ලම් සොදා ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් මුලික විමර්ෂණයක් සිදු කරන හැටන් පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි 1 විසින් සිදු කරන ලද මුලික විමර්ෂණයේදි තොරතුරු අනාවරණය වි ඇත.
එම පොලිස් නිලධාරින් දෙදෙනා එම වතුයායට අමතරව කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඔය , කාසල්රි ජලාශය සහ ප්‍රදේශයේ මැණික් ඉල්ලම් සහිත ඉඩම් වල ජාවාරම්කරුවන් සමග එක්ව මැණික් ඉල්ලම් සහිත පස් ගොඩගෙන එම ඉල්ලම් සහිත පස් ප්‍රවාහනය කිරිමේදි එම පොලිස් නිලධාරින් ලොරි රථයේ ඉදිරිපසින් අසුන්ගෙන ගමන් කරන බව විමර්ෂණයේදි අනාවරණය වි ඇත.

ඉකුත් (01) දින අලුයම දික්ඔය බටල්ගල වතුයායේ වතු අධිකාරිවරයාගේ නිල නිවස පිටුපස තේ පදුරු ගලවා මැණික් ඉල්ලම් ගොඩගෙන ප්‍රවාහනය කිරිමට සුදානම් කරන බවට හැටන් පොලිසියේ නිලධාරියෙකුට පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත එම නිලධාරින් තවත් නිලධාරියෙකු සමග පුද්ගලික ත්‍රිරෝද රථයකින් එම ලොරි රථය ධාවනය කරන මාර්ගය වෙත ගොස් ත්‍රිරෝද රථය ආපසු හරවා යවා එම ස්ථානයේ සැගව සිටින අවස්තාවේ මැණික් ඉල්ලම් පස් ප්‍රවාහනය කල ලොරි රථය ඉදිරියට ධාවනය වන අවස්තාවේ එම ලොරිය නතර කිරිමට එම පොලිස් නිලධාරින් දෙදෙනා ඉදිරියට පැමිණි ලොරි රථය නතර කරන ලෙසට අණ කල අවස්තාවේ ලොරි රථය නොනවත්වා ධාවනය කර ඇති බවත්, ලොරි රථය නතර කරන ලෙසට අණ කල ස්ථානයේ හැටන් ජල සම්පාදන මණ්ඩලයේ ජල පොම්පාගාරයේ ආරක්ෂිත විදුලි ලාම්පු දල්වා තිබු නිසා එම ලොරි රථයේ ඉදිරිපස ගමන් ගත පොලිස් නිලධාරින් හදුනාගත් බව එම නිලධාරින් විසින් හැටන් පොලිසියේ සටහනක් තබා ඇත.

එම සටහන අනුව හැටන් සහකාර පොලිස් අධිකාරි 1 ෆාරුක් මහතා විසින් මුලික විමර්ෂණයක් ආරම්භ කර ඇත.

ලොරි රථයේ ඉදිරිපස ගමන් ගත් පොලිස් නිලධාරින් එම ස්ථානයට ප්‍රවාහනය කර ඇත්තේද හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකුගේ පෞද්ගලික මොටර් රථයෙන් බවටද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇති අතර , මැණික් ඉල්ලම් සහිත ලොරි රථය සහ මොටර් රථය ගමන් ගන්නා අයුරු හැටන් සහ දික්ඔය ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශනද විමර්ෂණ සිදු කරන නිලධාරින් විසින් ලබාගෙන ඇත.

එම දර්ශන ඔස්සේ මැණික් ඉල්ලම් සහිත පස් ප්‍රවාහනය කල ලොරි රථය අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසියේ රථ වාහන අංශයෙන් මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම මැණික් ජාවාරම කාලයක් තිස්සේ ඉතා සුක්ෂම ලෙස සිදු කර ඇති බවට දැනට කරන ලද මුලික විමර්ෂණ වලදි තොරතුරු අනාවරණය වි ඇත.

අදාල වතුයායේ වතු අධිකාරිවරයාද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණය පොලිස් නිලධාරින් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ දිනපතා තම වතුයායේ සිදු කරන මෙම අනවසර මැණික් ජාවාරම නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

– රංජිත් රාජපක්ෂ

Read 178 times
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website