සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 14:33

එක්ස්රේ කොල නෑ.. පිටපත් ජංගම දුරකතනයට.. Featured

Rate this item
(0 votes)

අද වන විට රෝහල්වල එක්ස්රේ මුද්‍රණය කිරීමේ හැකියාව නැති බව ජාකින බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

එනිසා රෝගීන්ට ජංගම දුරකතනයට හෝ සීඩී තැටි වලට එක්ස්රේ පිටපත් ලබා දෙන බවක් ඔහු පැවසීය.

බොහෝ රෝහල් වල මූලික තත්ත්වයේ රුධිර පරීක්ෂණයක් පවා සිදු කිරීමට අවශ්‍ය පහසුකම් නැතැයිද හෙතෙම පෙන්වා දෙයි.

මෙම තත්ත්වය සඳහා කඩිනම් විසඳුමක් නොයෙදුවහොත් බරපතල සෞඛ්‍ය ගැටලූවක් රට තුළ උද්ගත වනු ඇති බවද ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

 

Read 553 times
Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website