සිකුරාදා, 08 දෙසැම්බර් 2023 06:30

දේශීය වෛද්‍ය ක්‍රමයේ  අධ්‍යයනයන් අධ්‍යයනයන්ට ලොව රටවල් 15 ක විද්වතුන් රැස්වෙයි Featured

දේශීය වෛද්‍ය ක්‍රමයේ  අධ්‍යයනයන් අධ්‍යයනයන්ට ලොව රටවල් 15 ක විද්වතුන් රැස්වෙයි

එක් එක් රටවල දේශීය වෛද්‍ය ක්‍රම, විකල්ප වෛද්‍ය ක්‍රම ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිවලට ඇතළත් කිරීමේ ප්‍රයත්නයේ මෙතෙක් සිදු කරන ලද අධ්‍යයනයන් ඇසුරින් අවසන් අධ්‍යයනය සිදු කරන විශේෂ ජාත්‍යන්තර සමුළුව (06) දින මහනුවර මහවැලි රීච් හෝටලයේ දී ආරම්භ විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක උත්සවය ආරම්භ කරන ලද අතර, මෙම ජාත්‍යන්තර සමුළුව ඊයේ, (06-08) යන දිනයන් හිදී පැවැත්විමට කටයුතු සැළසුම් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවිධානයෙන් පැවැත්වෙන මෙම සමුළුව සදහා සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. මෙම ජාත්‍යන්තර සමුළුව සදහා ශ්‍රි ලංකාව, මැලේසියාව, ඉරානය, පකිස්ථානය, ආජන්ටිනාව, ඇමරිකාව, දකුණු අප්‍රිකාව, මොරිෂස්, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව ඇතුලු රටවල් 15 ක් නියෝජනය කරමින් විද්වතුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කළාප 06 ක් නියෝජනය කරමින් එහි නියෝජිතයින් ඇතුලු 48 ක කණ්ඩායමක් ඒ සදහා සහභාගි වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාතන්තර රෝග වර්ගීකරණයේ 11 වන සංශෝධනයට (ICD-11) අනුව මෙම සමුළුව පවත්වයි.

මේ වනවිට බටහිර වෛද්‍ය ක්‍රමයට අදාලව අවසන් අධ්‍යයයනය සිදුකර එම කටයුතු නිමකර ඇති අතර, දේශීය වෛද්‍ය අංශයන්ට අදාල ඒ ඒ රටවල කණ්ඩායම් සමග එක්ව කථිකා කොට වසර ගණනාවක් සිදු කරන ලද ව්‍යායාමයක අවසන් අධ්‍යයනය මෙසේ සිදු කරනු ලබයි.

ලෝකයේ සෑම රටකටම අදාලව ‌රෝගියෙක් රෝහලට පැමිණියහොත් රෝග නිර්ණයන් විෂයට අදාල සියළු දෙනා සමානව දැනගැනීමට හැකි වන අයුරින් ක්‍රියාත්මක කිරීම ‌මෙහි ප්‍රමුඛ අරමුණයි. මෙම අධ්‍යයනය එළැබෙන ජනවාරි මස 10 වන දා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ දී එළිදැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලෝක ජනගහනයෙන් සියයට 80 ක් පමණ සාමිප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිතා කරන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 න් 170 ක් මෙම වෛද්‍ය ක්‍රම භාවිත කරන බවට වාර්තා වී ඇති බව එම සංවිධානය සදහන් කරයි.

මෙහිදි මෙම සමුළුවට සහභාගි වූ ලෝක විද්වතුන් කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකවන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විශේෂ ඇගයිමකට ලක්ව තිබෙන බවත්, එම ආයුර්වේදය වෛද්‍ය ක්‍රමයට වසර 3000 කට වඩා ඉතිහාසයක් ති‌බෙන බවත්, ශ්‍රී ලංකාවේ ස්වකීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආවේනික සම්ප්‍රදායක් තුල පවත්වාගෙන යන අනන්‍ය වෛද්‍ය විද්‍යාවක් බවයි.

තව ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව තුලින් මෙරට ජනතාවට උපරිම සේවාවක් සිදු කරන බවද ඔවුන් අවධාරණය කළේය.  

මෙම ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා -

ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ  සාමාජික රටක් ලෙසත්, මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරය පිළිගත්  ඉතා විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක් වන බවත්, මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් මෙරට පැවැත්වීමට ලැබීම මෙරට දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතියට මනා පිටුවහලක් වන බව ද පැවැසීය. වත්මන් සෞඛ්‍ය අමාත්‍ය ‌වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ පුර්ණ අධීක්ෂණය මග පෙන්වීමෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියේ දී මීට වඩා  විධිමත්ව, කාර්යක්ෂමව පවත්වා ගෙන යාමටත් ඒ තුලින් නිදහස් සෞඛ්‍ය සේවාවේ උපරිම ප්‍රයෝජනය මෙරට ජනතාවට ලැබෙන බවත් පැවසීය. අද දින ආරම්භ කරන ලද මෙම ජාත්‍යන්තර සමුළුවේ දී ගන්නා අවසන් තීන්දු තීරණ වල ප්‍රතිඵලය ලැබෙන්නේ ජනතාවට බවත්, මෙය පරිගණක පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන බැවින් රෝගියාගේ රෝග තත්ත්වය ඔිනෑම රටක සිට වෛද්‍යවරයාට තේරුම්  ගෙන ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙන බව ද පැවැසීය.

මෙම ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දන තිළකරත්න, ආයුර්වේද කොමසාරිස් දම්මික අබේගුණවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානය කාර්යාලය නියෝජනය කරමින් Dr. Robert Jakob, මෙරට කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරිපාලක Dr. Shalala Ahmadova යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website