සෙනසුරාදා, 18 පෙබරවාරි 2023 17:53

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 13,157ක්.. Featured

Rate this item
(0 votes)

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 13,157 වාර්තා වී ඇති ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, වැඩිම රෝගීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධි අවධානම් තත්ත්වයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , මාතර සහ යාපනය එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත් වේ.

මඩකලපුව , ත්‍රිකුණාමලය , පුත්තලම , කෑගල්ල , රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්ක ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර ඇතැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

දින දෙකකට වඩා උණ පවතී නම් කඩිනමින් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය.

Read 574 times

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website