සෙනසුරාදා, 18 පෙබරවාරි 2023 07:51

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි Featured

Rate this item
(0 votes)

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (18) දිනයේ යෙදී තිබේ.

මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ, දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වු දිනය ලෙසය.

ලොව බලවත්ම දෙවියා කවුද? යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මත ගැටුමේදී , ශිව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් වේ.

එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැහැ.

ඒ අනුව ලොව බලවත්ම දෙවියා ශිව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරති.

‍හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරන්නේ, ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත්කළ නැකත උදාවන දිනයේයි.

මේ අනුව හින්දු බැතිමතුන් අද (18) රාත්‍රියේ සිට හෙට (19) උදෑසන දක්වා ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රීය සමරනු ලැබේ.

Read 775 times

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website