සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 12:29

ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කර ඇතැයි විදේශවලින් කාන්තාවන් ගෙන්වයි… Featured

Rate this item
(0 votes)

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත ඇතැයි පවසමින් විදේශ රටවලින් කාන්තාවන් සංචාරක වීසා මත ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවීමට සම්බන්ධ තිදෙනකු ළමා හා කාන්තා කාර්යාංශ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම කාන්තාවන් විදේශ රටවලින් කැඳවා ගණිකා වෘත්තියේ යොදවා ඉන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයීමේ ජාවාරමක් මොවුන් විසින් කරගෙන ගොස් ඇතැයිද කාර්යාංශය සඳහන් කරයි.
කුලී පදනම මත මෙම සැක කරුවන් රැඳී සිටි වැල්ලවත්තේ පිහිටි නිවසේ උස්බෙකිස්තාන ජාතික කාන්තාවන් පස් දෙනෙකු සිටි බවද පොලිසිය සඳහන් කරයි.

ඔවුන් විසින් කැඳවා තිබූ කෙන්යා ජාතික කාන්තාවක් විසින් කර තිබූ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සති දෙකකට වරක් ඇමරිකානු ඩොලර් 300 බැගින් ගෙවීමේ පදනම මත තමන් කැදවූ නමුත් තමන් අලෙවි කර ඇත්තේ පැයකට ඩොලර් 120 ක තරම් ඉහළ මුදලකට බවත් ඇය කල පැමිණිල්ලේ සඳහන්ය.

එම පොරොන්දු මුදල පවා නොගෙවා මඟ හැර ඇතැයි ද ගණිකා වෘත්තිය ලංකාවේ නීතිගත කර ඇති බවට පැවසූ නිසා එය විශ්වාස කර පැමිණි බව ද ඇය සඳහන් කර ඇත.

Read 680 times

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website