බදාදා, 15 පෙබරවාරි 2023 10:18

දක්‍ෂණ අධිවේගයේ මාරක අනතුරක්.. දෙදෙනෙකු මරුට.. දෙදෙනෙකු රෝහලේ.. Featured

Rate this item
(0 votes)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුව ඇති රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

දොඩංගොඩ හුවමාරුව අසලදී ලොරි රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුව ඇත්තේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය කාර්මික දෝෂයක් හේතුවෙන් නතර කර එයින් බැසීමත් සමග මාතර පසුපසින් පැමිණි මෝටර් රථය ලොරි රථයේ පිටුපස ගැටීමෙනි.

පොලිසිය පවසන්නේ ලොරි රථයේ දෝෂය නිසා ඇති වූ අධික දුමාරයෙන් මෝටර් රථයේ රියදුරුට ලොරි රථය දර්ශනය වී නැති බවයි.

ත්‍රිකුණාමලය තිරුක්කෝවිල් හා මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

Read 699 times
Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website