සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 20:03

පකිස්ථානයෙන් ලංකාවට හමුදා පුහුණුව… Featured

Rate this item
(1 Vote)

පාකිස්තානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza, NI) (පෙබ 10) ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා පාකිස්තානයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවට සහතික වන ලදි.

ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජෙනරල් මිර්සා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සමග පැවැති සාකච්ඡාවේදී මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සාර්ථක ක්‍රියාදාමයක යෙදී සිටින ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කළේය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න විසින් ජෙනරල් මිර්සා ඇතුළු මෙම නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව සුහද සාකච්ඡාවකට එක්වූ අතර එහිදී වැදගත් සහ ඵලදායි මාතෘකා රැසක් සාකච්ඡාවට ගන්නා ලදී.

තවද මෙම සැසිවාරය තුළදී හමුදා සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා පකිස්තාන හමුදාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට පාකිස්ථාන ජෙනරල්වරයා සහතික විය.

රටවල් දෙක අතර පවතින මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාවය ගැන වැඩිදුරටත් සිහිපත් කළ ජෙනරාල් ගුණරත්න, ශක්තිමත් හමුදාමය සම්බන්ධතා පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ අතර පසුගිය කාලය තුළ පාකිස්තානය ලබාදුන් නොමද සහයෝගයට කෘතඥතාව පළ කළේය.

තවද පාකිස්තාන හිටපු ජනාධිපති ජෙනරල් පර්වේස් මුෂාරෆ් මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය මෙම දූත පිරිස වෙත ප්‍රකාශ කිරීමටද ජෙනරල් ගුණරත්න මෙම අවස්ථාවේදී අමතක නොකළේය.

මෙම හමුව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

අධ්‍යක්ෂ ජෙනරාල්, ඒකාබද්ධ යුද හා පුහුණු රියර් අද්මිරාල් අබ්දුල් බසිත් බට්, පුද්ගලික ආරක්‍ෂක නිලධාරී බ්‍රිගේඩියර් මුහම්මද් රජිල් ඉර්ෂාඩ් ඛාන් සහ කොළඹ පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් ද පාකිස්ථාන දූත පිරිස සමඟ එක්ව සිටියහ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගී විය.

– Army media

Read 175 times
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website