සිකුරාදා, 10 පෙබරවාරි 2023 10:59

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹේ Featured

Rate this item
(0 votes)

2023 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද(10) ආරම්භ වෙයි.

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය ඇතුළු ප්‍රබල රටවල් 10 ක් එක්වෙයි.

තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව තරග කිරීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් අද නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙයි.

චමරි අතපත්තු මෙහෙයවන ශ්‍රී ලංකා සංචිතයට ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, ඇතුළු ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් ය.

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුනේ ලීස් ය.

තරගාවලියේ A කාණ්ඩයෙන් පැවැත්වෙන මෙම තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 10.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Read 558 times

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website