×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

සිකුරාදා, 10 පෙබරවාරි 2023 09:54

පළාත් මට්ටමින් ක්‍රීඩා සභා… Featured

Rate this item
(0 votes)

පළාත් මට්ටමින් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා සභා පිහිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශය හා එම දෙපාර්තමේන්තුව, ක්‍රීඩා සමාජ සහ සංගම්, ජාතික තරුණ සේවා සභාව, කුඩා ව්‍යාපාර අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව යන ආයතනවල සහභාගීත්වයෙන් ඒකාබද්ධ ප්‍රවේශයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවති අතර මධ්‍යම පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරු, ක්‍රීඩා නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් ඇතුලු පන්සියයක පමණ පිරිසක් එක්ව සිටියහ.

– Media unit

Read 537 times

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website