සමගි ජන බලවේගය රට ගොඩනැගීමේ ආර්ථික ඉදිරි දැක්ම එළි දක්වයි. ශ්‍රී ලංකාව ලෝකයට එකතු කරමින් ධනය උත්පාදනය කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.
රජයේ මුද්‍රණාලාධිපතිනිය එම රාජකාරියේ සේවා දිගුවක් වෙලා පොරොත්තුවෙන් මහජනයාගේ ඡන්ද අයිතිය කෙලෙසමින් ආණ්ඩුවට වුවමනා පරිදි කටයුතු කරන බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව එළඹෙන සදුදා දින රට වටෙන්ම ජනතාව කොළඹට කැදවා ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටවන බව කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
සෞඛ්‍ය ඇමතිතුමාට කරුණු වටහා ගැනීමේ ශක්තියක් නොමැති බවත් එතුමාගේ අපොස සා.පෙළ / උ.පෙළ වැනි මුලික අධ්‍යාපන සුදුසුකම් ජනතාව දැනගත යුතු බවත් අරගලයක් සිදු කර රට වෙනස් කිරීමට දැන් උගත් පිරිස් අදහස් දැක්වුවා සේම ඔවුන් දේශපාලනයට පැමිණිය යුතු බවත් මැතිවරණ සඳහා ඉදිරිපත්විය යුතු බවත් 43 සේනාංකය පවසයි.
දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ සිදු කරමින් ඇති දෛනික විදුලි කප්පාදුව අත්හිටු වීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හැටන් රුවන්පුර ජනපදයට ආසන්නයේ පිහිටි ඉලුක් සහිත පුද්ගලික ඉඩමක (15) දින පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.