බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 11:21

පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු Featured

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබේ.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත ජාතින පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි.

ඒ අනුව ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති යු.පී.ඒ.ඩී.කේ.පී කරුණානායක මහතා බස්නාහිර පළාත රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාරු කර ඇත.

එම තනතුරෙහි මීට පෙර කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජි.අයි.ඩි.ආර් විජේසිංහ මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරායයි.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එල් .ඒ .යු .සරත් කුමාර මහතා බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇත.

ඔහු මීට පෙර කටයුතු කළේ, මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරෙයි.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කේ. ජේ. ආර්. ඩයස් මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර ඇත.

ඔහු මීට පෙර බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේ ය.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඒ.එල්. යු. එන්. පී. ලියනගේ මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website