බදාදා, 22 පෙබරවාරි 2023 08:28

ගම් හතක කාන්තාවන්ට බලහත්කාරකම් කල ‘පොඩ්ඩෙ’ අල්ලයි.. Featured

Rate this item
(0 votes)

පයාගල ග්‍රාම නිලධාරි වසම් දහයකට අධික ප්‍රමාණයක මාස කීපයක් මුළුල්ලේ පිරිමින් නොමැති නිවාස වලට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවන් බිය ගන්වා මරණීය තර්ජනය කර ලිංගික අඩන්තේට්ටම් කර පොලිසිය මඟ හැර කට්ටිපනිමින් සිටි ‘පොඩ්ඩෙ’ නමින් හදුන්වන 37 හැවිරිදි සැකකරු‍ෙවක් කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියටලද පැමිණිලි ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පයාගල පොලිසිය අවස්ථා කිහිපයකදී කළ උත්සාහයන් ව්‍යාර්ථ වී ඇති අතර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට සිදුකළ වැටලීම හේතුවෙන් මෙසේ පලා ගොස් තිබේන බවත් ඒ ඔස්සේ ලද බුද්ධි තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
මෙම සැකකරු ඇතැම් නිවාසවල දොරඟුලු ගලවා ඇතුළුවී ඇතැම් කාන්තාවන් ටඅමානුෂික ලෙස ලිංගික හිංසන වලට ලක් කර පහත් ආශාවන් ඉටු කරගෙන පලා ගොස් තැන් තැන්වල සැඟව සිට කාලයක් තිස්සේ ගම් වැසියන් භීතියට පත් කර තිබෙන බව මහජන ආරක්ෂක කමිටුවේ නිලධාරියෙකු ද පැවසීය.

සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහිව් තිබෙන අයකු බවත් වසර ගණනාවක සිට අධිකරනයෙන් දඬුවම් ලැබ විටින් විට බන්ධනාගාර ගතව නිදහස්ව පැමිණ සිටියදී මෙලෙස කාන්තාවන්ට හිංසන සිදු කර ඇති බව විමර්ශන සිදුකරන පොලිසියේ නිලධාරීන් සඳහන් කළහ.

ඇතැම් කාන්තාවන් ලැජ්ජාවට පත්ව සැකකරුගෙන් සිදුව තිබෙන හිංසන අනාවරණය කිරීමට මැළි වී ඇති බව වාර්තා වෙනඅතර අතවරයට පත් ඇතැම් කාන්තාවන්ට රෝහල් ගත වන්නට ද සිදුව ඇතැයි දැනගන්නට ලැබෙයි.

– තුසිත කුමාර ද සිල්වා

Read 763 times

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website