Items filtered by date: මාර්තු 2024

මේ ප්‍රහාරය එල්ල කළ ප්‍රධානම තුවක්කුකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව දරුණු ලෙස වධහිංසා පමුණුවා තිබේ. සමහරුන්ගේ පුරුෂ ලිංගයට විදුලි සර වද්දවා තිබේ.

ලබන අප්‍රේල් මස 08 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි. මෙය දුර්ලභ ආකාශ සිදුවීමක් ලෙස හැදින්වේ.

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගන්වන්නට යයි. ඒ සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබේ.

රජයේ අයවැය ලේඛනය ස්වාධීනව සකස් කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක (ඩැට්) දීමනාව තමන්ටද ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72කට අයත් ලක්ෂයකට අධික සාමාජිකයන් අනිද්දා (02දා) සිට යළි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණවීමට තීරණය කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කිරීමේ කටයුතු ආරම්භ කොට වසර 19ක් ගතවී ඇතත් පනතේ සංශෝධන කටයුතු තවමත් අවසන් වී නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වෙයි.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ලක්ෂ 1,103 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් 2024.03.29 වන දින තහනමට ගෙන ඇති අතර, එම දේපල සහ වාහන නිරීක්ෂණය කිරීම සදහා පොලිස්පතිතුමා සහභාගි විය.

පාස්කු බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙලිකළ බව කියන පුද්ගලයා හඳුනාගැනීමට රහස් පොලිසිය විසින් විශේෂ ස්ථානයක කැමරා පද්ධතියක් පරීක්ෂාවට ලක් කළ බවට සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ගාසා තීරයේ ජන­තා­වට බාධා­ව­කින් තොරව මානු­ෂීය ආධාර සැප­යී­මට අව­ස්ථාව සල­සන මෙන් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ජාත්‍ය­න්තර අධි­ක­ර­ණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website