ඉරිදා, 31 මාර්තු 2024 08:35

IMF ප්‍රතිසංස්කරණ නිම වනතෙක් ඡන්ද නෑ..- ජනාධිපති මැතිවරණ කොමිසමට කියයි.. Featured

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.

මේ අවස්ථානේ ප්‍රමුඛතාවය දිය යුත්තේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එක්ව කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බවද ඔහු පෙන්වා දී ඇත.

කැබිනට් මණ්ඩලය හා මැතිවරණ කොමිසමේ නිලධාරින් වෙන වෙනම හමුවූ අවස්ථාවලදී ඔහු මේ බව සඳහන් කර ඇත.

මුල්‍ය අරමුදල සමග වන වැඩසටහන එළඹෙන ජූලි මස අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැත්තනු නොපැවැත්වෙනු ඇති බවද හෙතෙම අවධාරණය කර ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව ඇත්තේ මුල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව නිසා එය පැවැත්වීමට මුල්‍ය අරමුදලේ වැඩසටහන බාධාවක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එනිසා පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ද වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයත් මැතිවරණ කොමිසමත් දැනුවත් කොට ඇත.

 ඒ අනුව ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් කිසිසේත්ම නොපවත්වණු ඇති බවද රජයේ ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website