සෙනසුරාදා, 30 මාර්තු 2024 10:59

මෛත‍්‍රිගේ හෙලිදරවුවෙන් විදේශයකට චෝදනා.. CCTV පරීක්‍ෂා කරයි.. Featured

පාස්කු බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙලිකළ බව කියන පුද්ගලයා හඳුනාගැනීමට රහස් පොලිසිය විසින් විශේෂ ස්ථානයක කැමරා පද්ධතියක් පරීක්ෂාවට ලක් කළ බවට සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

විදේශයකට සම්බන්ධ කොළඹ පිහිටි ස්ථානයක පැවති සාදයකදී හමුවූ නාඳුනන පුද්ගලයෙකු විසින් ප්‍රහාරය එල්ල කළේ කවුදැයි මෛත්‍රීපාල සිරිසේන මහතාට හෙළි කළ බවට ලැබුණු තොරතුරේ සඳහන් කරුණු සනාථ කර ගැනීමට මෙම කැමරා පද්ධතිය පරීක්ෂාවට ලක් කර ඇතැයිද සදහන්ය.

හිටපු ජනාධිපතිවරයාගෙන් අනාවරණයෙන් චෝදනා එල්ල වී ඇති රාජ්‍යය මේ වන විට මේ සම්බන්ධ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තම නිර්දෝෂී භාවයට හෙළි කිරීම පිණිස ඕනෑම පරීක්ෂණයට උපරිම සහාය පළ කර ඇතැයි ද වාර්තා වෙයි.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website