ඉරිදා, 31 මාර්තු 2024 08:31

සෞඛ්‍ය වර්ජන අඟහරුවාදා සිට දිගටම Featured

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක (ඩැට්) දීමනාව තමන්ටද ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72කට අයත් ලක්ෂයකට අධික සාමාජිකයන් අනිද්දා (02දා) සිට යළි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණවීමට තීරණය කර ඇත.

ඒ අනුව හෙට (01දා) උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4 ක් සේවයෙන් බැහැර වී සිටීමටද පසුදා (02දා) සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළැඹීමට ද තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය.

‘වෛiවරුන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් (ඩැට්) ලබාදෙමින් ආර්ථික යුක්තිය ඉටුකර ඇති බැවින් සෞඛ්‍ය සේවයේ අනෙක් කාර්යමණ්ඩල වලට ද එසේ යුක්තිය ඉටුකිරීම බලධාරීන්ගේ වගකීම විය යුතු’ යැයි හෙතෙම කීය.

මෙම ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දින 10ක කාලයක් ලබාදුන්නත් එම කාලයේදී එය සිදු නොකිරීම හේතුවෙන් යළි වර්ජන තීරණයන්ට එළැඹීමට සිදුවූ බවද ඒ මහතා පැවැසීය.

වර්ජන කාලසීමාවේදී සෞඛ්‍ය සේවයේ සිදුවන බරපතළ බිඳවැටීම්වලට සහ රෝගී ජනතාවට සිදුවන සියලු අපහසුතාවන්ට සියලු සෞඛ්‍ය බලධාරීන් වගකිව යුතු බවද චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website