ආර්ථික සහ සංවර්ධන පුවත්

ශ්‍රී ලංකා රජය (GOSL) වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි වර්ධනය වේගවත් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත නොකලා නම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් දරන්නට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඩොලරය අඩු වීමත් සමගම ආනයනික කිරිපිටි මිල අඩුවී තිබේ.

පසුගිය 16 වැනිදා සිට අණ්ඩව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වෙමින් තිබේ.

ශ්‍රී ලංකව වැටී ඇති මෙම අසීරු අවස්ථාවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පළමු ණය වාරිකය ලැබුණද දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පනවා ඇති කොන්දේසි ඉතා කඩිනමින් සපුරා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

ඒ අනුව හෙට්ටිවීදියේ රන් පවුමක මිළ රුපියල් දහසකින් පමණ අඩු වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අඟහරුවාදා, 21 මාර්තු 2023 13:20

රුපියලේ වටිනාකම ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) දින නිකුත් කළ විනිමය අනුපාතිකයනට අනුව ඇමෙරිකානු ඩොලර්යක ගැනුම් මිළ සහ විකුණුම් මිළ පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් මෙරටට අනුමත කළ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිවැරදි දිශානතියකට ගෙන යාම සඳහා වැදගත් පියවරක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

සදුදා, 20 මාර්තු 2023 08:20

IMF කමිටු අනුමැතිය අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

වගා කන්න 3කට පසුව මෙරට ගොවීන් ලක්ෂ 12ක් සඳහා අද(20) සිට මඩ පොහොර නොමිලයේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29039 listings, 909 categories and 102 owners in our website