රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, පෙරේදා (23 දා) පස්වරුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය සමරමින් සංවිධානය කළ තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමිනි.
ගම්පොළ පොලිස් ස්ථානයට එරෙහිව ලැබී ඇති අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක විමර්ශනයකට අදාළව ඉල්ලා ඇති ලිපි ලේඛන කිහිපයක් රැගෙන අල්ලස් කොමිෂන් සභාව හමුවට යෑමට සූදානමින් සිටි ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා එම ගමනට සිය වාහනයට ඉන්ධන ලබා ගැනීමට යැයි පවසා පැමිණිලිකරුගෙන්ම රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී, ජනාධිපතිතුමා එල්ලංගා වාරි පද්ධති පිළිබඳ කටයුතු කරන වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි ප්‍රසාදජනක අවධානයක් යොමු කරමින් කතා කර ඇතැයි ද වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය පිළිබඳව එතුමාගේ විශේෂ අවධානය යොමු කර ඇති බව ද වාර්තා වේ.
එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නව ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසුව ඉන්දීය රජය මුල්ම ද්විපාර්ශ්වීය සංවර්ධන යෝජනා ක්‍රමයක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක වියදමකින් රටවල් දෙක යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
නවතම ණය දීමේ ප්‍රතිසංස්කරණ මේ වසරේ නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි ලෙස ණයගැති (අධිභාර) රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි.
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (ටින් අංකය) සඳහා ලියාපදිංචි කිරීම් සහ ආදායම් බදු සඳහා ලියාපදිංචි කිරීම් අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් සංඛ්‍යාව 2023/24 තක්සේරු වර්ෂයේදී 868,009 දක්වා වර්ධනය වී ඇතැයි, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි.
මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ල සඳහා ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.