හැකි ඉක්මනින් ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු සහන ලබාදීමට රජය සූදානම් බව ජාතික ජන බලවේග ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් මෙවර යළකන්නය වෙනුවෙන් විශාල ප්‍රදේශයක ලොකු ලුණු වගාකළ ද, ගොවීන්ගේ ළුණු අස්වැන්න සදහා නිසි මිළක් නොමැති කමින් එම ගොවීන් අපහසුතාවයට පත්වීමට සිදුවන බව ගොවිහූ පවසති.
වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් දෙසැම්බර් මාසය වනවිට අවසන් කිරීමට නියමිත බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
ඔක්තෝබර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා ප්‍රකාශ කළේය.
2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබුණත් එම වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය ගැන තීන්දුව ගනු ලබන්නේ රජයේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරි අයවැයෙන් බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර ඇත.