ආර්ථික සහ සංවර්ධන පුවත්

ජාතික විෂය මාලාවට Artificial Intelligence (AI) සහ Machine Learning (ML) හඳුන්වා දීම ඔස්සේ අධ්‍යාපනයේ නව යුගයක් උදාකරලීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සත් තබන ලදි.

වැටුප් සංශෝධන පිළිබඳ COPF වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඊයේ (21) රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කෘත්‍රීම බුද්ධිය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය අන්තර්ගතය සකස් කර විෂය නිර්දේශය සඳහා අදාළ පරිදි විෂය මාලා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කර අවසන් ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඉහළ දමා ගත් වැටුප් අඩු කිරීමට මහ බැංකු අධිපතිවරයා ඇතුළු කණ්ඩායම එකඟ වුවත් වෘත්තිය සමිති ඊට එකඟතාවය පළ කර නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

ඉහල ගොස් ඇති ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය හැටන් බස් නැවතුම්පොලේ අත් පත්‍රික බෙදා දිමක් සිදු කරනු ලැබුහ.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටළු විසඳා නිරතවූවන්ට සහන ලබාදෙනවා

ජාතික ආර්ථිකය මහජන සෞඛ්‍ය සහ පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණින් HS කේත 217යටතේ වර්ගීකරණය කරන ලද කාණ්ඩ 122 ක භාණ්ඩ ආනයනය කිරීමේදී ප්‍රමිති සහ තත්ව ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

රජය විසින් විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5 දක්වා සියයට 57.1කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පලතුරු මිල ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි.

මේ වසරේ ගතවූ මාස තුන තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 5.6 %කින් ශක්තිමත් වී තිබෙන අතර අද (15) එහි ගැනුම් මිල රුපියල් 300ක් බවට පත්විය.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website