සදුදා, 20 පෙබරවාරි 2023 08:50

ශ‍්‍රීපාද වන්දනාකරුවන් ලක්‍ෂ ගණනක්.. සැතපුම් ගණන් වාහන පෝලිම්…

Rate this item
(0 votes)

සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට වන්දනාකරුවන්ට දිගු පොලිම්වල රැදි සිටිමට සිදුවු බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.පී. එස්.වීරසේකර මහතා පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ පාසල් නිවාඩුව නිමා වන මෙම සති අන්තය තුලදි පාසල් නිවාඩුව නිමවිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් ලක්ෂයකට අධික පිරිසක් පිරිසක් පැමිනිමත් සමග මෙම තත්වයන් උදාවු බවත්ය.

වන්දනාකරුවන් රැගෙන රථ වාහනද විශාල ප්‍රමාණයක් පැමිනිමත් සමග නල්ලතන්නිය ප්‍රදේශයේ රථ වාහන නැවතුම් පලවල් පිරි යාමෙන් රථ වාහන විශාල ප්‍රමාණයක් නල්ලතන්නියේ මස්කෙළිය මාර්ගයේ ක්‍රිලෝ මිටර් තුනක් පමන දුරකට මාර්ගය අයිනේ නතර කර තැබිමට පියවර ගත් බවද ඔහු පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Read 709 times

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website