Displaying items by tag: sri lanka

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය සඳහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව ඊයේ දින (09) පළමුවරට කැඳවීමට නියමිතය.අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒ බව තහවුරු කළේය.

අඟහරුවාදා, 09 මැයි 2023 21:10

හෙද විශ්ව විද්‍යාලයක්

හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ දැනට සිදු කෙරෙන බිම්මල් වගාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස චීන රජයේ මෙරට තානාපති චී ෂෙන්හොං මහතා තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Tagged under

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සම්බන්ධ සිද්ධිය කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර ඇති වූ තත්ත්වයක් බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි.

Tagged under

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ මෙතෙක් ඇගයීම් කටයුතු සිදු නොකළ විෂයයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම රට පුරා තවත් මධ්‍යස්ථාන 10කදී ලබන සඳුදා (9) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Tagged under

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙයි

Tagged under

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා විවිධ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367 ක මුදලක් 2020 සහ 21 වර්ෂවලදී අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

Tagged under

කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පාඩු ලබන රාජ්‍ය ආයතන පසුගිය වසරේදී ( 2022) ලැබූ මුළු පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහස් නව සීයක්( බිලියන 1029) බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Tagged under

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website