'මොකද අපේ ඔය තියෙන ප්ලේන් 18කින් තමයි දවසකට තියෙන ෆ්ලයිට් 60ක් විතර ඔපරේට් කරන්නේ. ඔය ප්ලේන් වැඩිපුරම තියෙන්නේ උඩ, බිම නෙමෙයි'
ශ්‍රී ලාංකික තරුණයකුගේ සියදිවි නසාගැනීමක් පිළිබඳව මේ වන විට, විශේෂයෙන් සමාජ මාධ්‍ය වේදිකාවල වේගයෙන් තොරතුරු සංසරණය වෙමින් පවතී. මෙම තරුණයා පිළිබඳව වඩාත් අවධානය යොමුව ඇත්තේ ඔහු පසුගිය වකවානුවේ ආණ්ඩු විරෝධී මහජන විරෝධතා සදහා සක්‍රීය ව සම්බන්ධවූ, 'පුරෝගාමී' භූමිකාවකට දායකවූ තැනැත්තකු වන නිසාය.
ගාලු මුවදොර පිටියේ දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් එවන් කටයුතු සඳහා ඉදිරියේ දී අවසර නොදීමට තීරණය කර තිබේ.
අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඇතුළු මෙරට පූජනිය ස්ථානවල මෙන්ම රටේ බහුලව දකින්නට ලැබෙන රිලවුන්, මෙරට තුළ අවස්ථා රැසකදීම සාකච්ජාවන්ට බඳුන් වූ මාතෘකාවක් බවට පත්විය.
අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48 ක කාලය තුළ (අද අලුයම 6 දක්වා) රුපියල් 7 කෝටි 55 ලක්ෂ 8100 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවසීය
ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පෞද්ගලික ණයහිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට යොමුකර ඇති අතර, එම යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමක් සිදුනොවන බව වාර්තා වේ.
අද දිනයේ රට රට තුළ පළාත් කිහිපයකටම උෂ්ණත්වය ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මූලිකත්වය ගෙන ආරම්භ කෙරුණි.