සෙනසුරාදා, 15 අප්‍රේල් 2023 09:56

අද ලංකාවම රත්වෙයි.. උෂ්ණත්වය අවදානම් මට්ටමට ඉහලට.. කාලගුණයෙන් අනතුරු ඇගවීම්.. Featured

අද දිනයේ රට රට තුළ පළාත් කිහිපයකටම උෂ්ණත්වය ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

නැගෙනහිර සහ උතුරු මැද පළාත ඇතුළුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, වවුනියාව, මුලතිව්, හම්බන්තොට, කිලිනොච්චි දිස්ත්‍රික්කයන්වල උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට ඉහල යනු ඇති බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එවන් තත්ත්වයකදී වැඩි වේලාවක් අවුවට නිරාවරණය නොවන ලෙසත් ක්‍රියාකාරී කටයුතුවල නියැලීම අඩු කරන ලෙසත් දෙපාර්තමේන්තු දැනුම් දෙයි.

අධික වෙහෙස දැනෙන කටයුතු සීමා කිරීම, කුඩා දරුවන් වාහන තුල දමා නොයාම, වැඩිහිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම, වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාන වල විවේක ගැනීම, සුදු පැහැති ඇඳුම් ඇඳීම සුදුසු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ජනතාව දැනුවත් කරයි.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website