අඟහරුවාදා, 18 අප්‍රේල් 2023 11:41

ගෝල්ෆේස් සියලු රැස්වීම් තහනම් කරයි Featured

 

ගාලු මුවදොර පිටියේ දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් එවන් කටයුතු සඳහා ඉදිරියේ දී අවසර නොදීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගාලු මුවදොර පිටිය මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් භාවිතා කිරීමට වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

මෙම තීරණය අප්‍රේල් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන අතර සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

ගාළු මුවදොර පිටිය සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය භාර ගෙන ඇති අතර සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස එය සිදු කරයි. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 220 ක මුදලක් වැය කිරීමට නියමිතව තිබේ.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website