ඉරිදා, 16 අප්‍රේල් 2023 09:24

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන - යෝජනාව රහසිගතයිලු Featured

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පෞද්ගලික ණයහිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට යොමුකර ඇති අතර, එම යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමක් සිදුනොවන බව වාර්තා වේ.

එම ණය හිමියන් සතු බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12 කි.

අමෙරිකාවේ වොෂිංටන් හී පැවැත්වෙන ස්ප්‍රින් සමුළුවට සමගාමීව ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පෞද්ගලික ණයහිමියන්ගේ කමිටුව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට එවා ඇති බවට වාර්තා වුණි.

කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමක් සිදුනොවන අතර මේ සඳහා ණයහිමියන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි.

එම කණ්ඩායම සඳහා ගෝලීය ආයෝජන සමාගම් වන Amundi Asset Management, BlackRock, HBK Capital Management සහ T. Rowe Price Associates ඇතුළත් බවද සඳහන්ය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website